BREAKING NEWS
Search

අනූනවයෙන් දිවි බේරාගත් පාපැදිකරු

167

බණ්ඩාරගම නගරයේදී පාපැදියක් තල්ලු කරගෙන යමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකු අද (17) පෙරවරුවේ ටිපර් රථයකට යටවීමට ඔන්න මෙන්න කියා තිබියදී පාපැදිය අත්හැර දමා පසෙකට පැන දිව් බේරා ගෙන ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

එලෙස දිවි බේරාගෙන ඇත්තේ, බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ 75 හැවිරිදි  පුද්ගලයෙකි.

බණ්ඩාරගම නගරයේ අතුරු මාර්ගයක සිට පාපැදිය තල්ලු කරගෙන කළුතර මාර්ගය වෙත වයෝවෘද්ධ පුද්ගලයා පැමිණීමත් සමගම බණ්ඩාරගම නගරයේ සිට කළුතර දෙසට කළුගල් තොගයක් පටවාගෙන ධාවනය වූ ටිපර් රථය ඔහු වෙත කඩා වැදී ඇති අතර ඔහු එකවරම පාපැදිය අත්හැර දමා පසෙකට පැන දීවි බේරාගෙන ඇත.

අනතුරින් පාපැදියට බරපතළ අලාභ සිදුව තිබුණි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ටිපර් රථ රියදුරුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *