BREAKING NEWS
Search

ක්‍රෙඩිට් කාඩ් ගැන මහා බැංකුවෙන් අලුත්ම හෙළිදරව්වක්

803

2024 ඔක්තොබර් මාසය අවසන් වන විට මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,942,989 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 1,936,336 ක් මෙරට භාවිතයේ පැවත ඇති අතර ඒ, අනුව 2024 ඔක්තෝබර් මාසය තුළ දී පමණක් සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණයට වඩා කාඩ්පත් 6,653 ක ඉහළ යාමකි.

මෙම වසර ආරම්භ වන විට මහ බැංකුව දත්තවලට අනුව මෙරට සක්‍රීය මට්ටමේ පැවති ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,917,085 ක් වන අතර ඒ අනුව වසරේ මාස 10ක කාලපරිච්ඡේදය තුළ දී එම ප්‍රමාණය 25,904 කින් වැඩි වී ඇත.

ඒ, අනුව මෙම සමස්ත ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට හිඟව පවතිව මුළු මුදල රු. මිලියන 151,293 ක් ලෙසින් වාර්තා වෙනවා.

 

Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *