BREAKING NEWS
Search

රැජින-සාගරිකා ගැටුමෙන් තිදෙනකුගේ වැඩ තහනම්

218

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු සහයකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරුවේ සිදු වූ මෙම දුම්රිය ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා දුම්රිය ගමනාගමන අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉදිපොලගේ මහතා පැවසීය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කරන අවස්ථාවේ වැරදි මාර්ගයක ධාවනය වීමෙන් එම මාර්ගයේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම දුම්රිය දෙක ගැටීමෙන් රැජින හා සාගරිකා දුම්රිය එන්ජින් දෙකට හා මැදිරි කීපයකට විශාල ලෙස හානි සිදුව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *