BREAKING NEWS
Search

ජායාරූපයක් ගැනීමට ගොස් තරුණයෙක් දුම්රියේ ගැටෙයි – වීඩියෝව මෙන්න

588
අද(15) දහවල් ආරුක්කු නවය පාළම මතදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවූනා.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය දුම්රිය පැමිණීමත් සමග පිටුපා ජායාරූපයක් ගැනීමට යාමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබූ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර මේ වනවිට දෙමෝදර රෝහලේ ප්රතිකාර ලබනවා.

වෙනත් පුවත්

ජනපති ඇතුළු පිරිස නවදිල්ලියට ළඟා වෙයි

නිල සංචාරයක් සඳහා අද (15) දහවල් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නවදිල්ලියට ලඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එහිදී ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක් සිදුකළ බවද සඳහන්.

ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර, මෙය ජනපති අනුර කුමාර දිසානායකගේ මංගල විදෙස් සංචාරය වෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ඇතුලු පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී එකඟතා කිහිපයකට එළඹීමට නියමිත බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *