හිජාබයක් නොමැතිව යූ ටියුබ් හි සිය නිර්මාණයක් ඉදිරිපත් කිරීමත් පසුව 27 හැවිරිදි ඉරාන ගායිකාවක්වෙන පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සිට කිලෝමීටර් 280 ක් පමණ දුරින් පිහිටි මසන්දරන් පළාතේ සාරි නගරයේ දී ඊයේ (14) පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
ඒ පිළිබඳව ඇය සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.
“මම පැරස්ටූ, මම ආදරය කරන අය වෙනුවෙන් ගායනා කිරීමට කැමති ගැහැණු ළමයෙක්. මෙය මට නොසලකා හැරිය නොහැකි අයිතියක්; මම දැඩි ලෙස ආදරය කරන දේශය වෙනුවෙන් ගායනා කරමි.”
වීඩියෝ බෙදාගැනීමේදී ප්‍රසංගය මිලියන 1.5කට අධික නැරඹුම් ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.




















