Search

ආනන්තරීය පාපකර්මය කළ පුතා

405

ගොඩකවෙල  පල්ලෙබැද්ද  ගල්පාාය  ප්‍රදේශයේදි   සිය  පුතා විසින් සිදුකල පහර දිමක් හේතුවෙන්  82  හැවිරිදි මව  අද  (15) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් හේතුවෙන්   පුතා  විසින් මොට  ආයුධයකින්  හිසට  සිදු කල  පහර දිමක් හේතුවෙන්  මැය මරණයට පත්ව  ඇති බවට  මුලික විමර්ශනවලදි අණාවරය වෙන  බව  පොලිසිය කියයි.

කපුමල්  දෙණියේ  පොඩි නෝනා  නැමති මව  මෙලෙස මියගොස් ඇත.
පහර දිම  සිදුකල  පනස් හැවිරිදි පුතා  මෙි  වන  විට  ප්‍රදේශයෙන් පලා  ගොස් ඇති  බවට  වාර්තා වෙි.

වෙනත් පුවත්

ගුවන් තොටේ ගැටලු ඉක්මනින් විසඳනවා

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව නාවික සිවිල් ගුවන් සේවා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ගුවන් තොටේ සේවක ගැටලු ගැන සාකච්ඡා කොට කඩිනම් විසඳුම් දෙන බවද අමාත්‍යවරයා කීය.

ගුවන් තොටුපලේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට විසඳුම් ලබාදීමේ අරමුණින් ගුවන් තොටුපොල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට බණ්ඩාරනායක   ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  පවතින ප්‍රධානම ගැටලුව  වන්නේ  ගුවන්තොටුපලට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබා දීමට නොහැකි වීම බව කී අමාත්‍යවරයා ඒ

සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටළු සමග  2023 වර්ෂයේ අවසන් කළ යුතු ප්‍රධාන ව්‍යාපෘති තවම අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ යැයි කීය.

මෙම අවස්ථාවට  වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය  අමාත්‍ය ජනක රුවන්  කොඩිතුවක්කු මහතා මහතා ද සහභාගී විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *