BREAKING NEWS
Search

ඔයා හරි ලස්සනයි. සිත ඇදිලා යනවා – තරුණ ගුරුවරිය සිසුවෙක්ට වශී වෙලා

1586

කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලකින් ,ඔයා හරි ලස්සනයි… සිත ඇදිලා යනවා…” තරුණ උපකාරක පංති ගුරුවරියක් සිසුවකුට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව උපකාරක පංතියට යෑමේ පුවතක් වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඔහු එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරයි. මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි.

එනිසා පුතා ද වඩාත් සුදු වර්ණයෙන් හා පියකරු පෙනුමෙන් යුක්තය. සුදු පැහැති රුව නිසා කාගේත් නෙත් සිත් ඔහු වෙත ඇදී ගියේය

ගුරුතුමිය ද තරුණ වියේ පසුවන් අතර ඇය කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙන්නියකි. එනිසා ඇය තමාට ආවේණික කලා ඇසින් දරුවා දෙස බැලුවාද? නැතහොත් ආදරයක් සිතුනා ද? යන්න ප්‍රශ්නයකි.

(,උපුටාගැනීමක්)

වෙනත් පුවත්

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන  අබේරත්න මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතු  කරයි.

පරණ නාම යෝජනා අහෝසි කිරීමෙන්  2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද  දායකයන් ලක්ෂ දහයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත  පළාත් පාලන මැතිවරණයට  පසුගිය වසරේ  අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබීය

දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක්  වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළහ.

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිසේ රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති.

නාම යෝජනා දුන් මෙම අපේක්ෂකයන් පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *