BREAKING NEWS
Search

මව රෝහල්ගත කර එද්දී පෙම්වතියට පෙම්වතා සහ මිතුරන් දෙදෙනකු එකතු වි හදි කරලා

847

රෝගාතුරව සිටි පෙම්වතියගේ මව රෝහල් ගත කොට පැමිණි පෙම්වතා මිතුරන් දෙදෙනකු සමග පෙම්වතියට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අවුරුදු 17ක් වූ දැරියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. අසනීපව සිටි මව බදුරලිය රෝහලට ඇතුළත් කිරීම සඳහා පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග කැබ් රථයකින් ගිය බවත්, මව රෝහල් ගතකර රාත්‍රී 10.00ට පමණ ආපසු එමින් සිටියදී හමුවන පාලු ප්‍රදේශයකදී පෙම්වතා හා ඔහුගේ මිතුරන් තමාව දූෂණය කළ බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

බදුරලිය පොලිස් ස්ථානාධිපති පො.ප. දිල්රුක් කොළඹගේ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

වෙනත් පුවත්

ත්‍රිවිධ හමුදා නිලධාරීහු 150 උපාධි ලබති

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීහු 150 දෙනෙක්ට උපාධි ප්‍රදානය කරනු ලැබූහ.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාව සාර්ථකව අවසන් කළ  ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට එම උපාධි පිරිනමන ලදී.

මෙම උපාධි ප්‍රදානෝත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්විණ.

එහිදී යුධ හමුදාවේ නිලධාරීන් 78 ක්, නාවික හමුදාවේ නිලධාරීන් 21 ක් සහ ගුවන් හමුදා නිලධාරීන් 26 දෙනෙක් එහිදී උපාධි ලැබූහ.

මීට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනෙගල් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල විදෙස් නිලධාරීන් 25 දෙනෙක් ද උපාධි ලබා ගත්හ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හා ගුවන් හමුදාපතිවරු ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගි වූහ. ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් කපිල දොලගේ මහතා සම්භාවනීය අමුත්තන් පිළිගත්තේය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, මාණ්ඩලික විද්‍යාලයේ හිටපු සේනාවිධායකවරුන්, විද්‍යාපීඨ සාමාජිකයින්, වෙනත් රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝද මෙම උත්සවයට එක් වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *