BREAKING NEWS
Search

පිටකොටුවේ කෑම කඩවල කෑම රස කර කර කන කට්ටියට රතු එළියක්

5738

එළඹෙන උත්සව සමය මුල්කරගනිමින් පාරිභෝගිකයන් රවටා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ අලෙවි කිරීමට ඇතැම් කූඨ වෙළෙදුන් මේ දිනවල නිරන්තරයෙන් කටයුතු කරන අතර එවැනි වෙළෙඳසැල් පිළිබඳව කොළඹ මහා නගරසභාව විසින් විශේෂ පරීක්ෂාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී නීති කඩ කළ පුද්ගලයින් 11 දෙනෙකු සොයා ගත් අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොළඹ මහ නගර සභා‍වේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මගින් විශේෂ වැටලීම් වැඩසටහනක් කොළඹ පිට කොටුව ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කළ අතර එහිදී අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය, කරවල පළතුරු ඇතුළු තොග වෙළෙඳසැල් 178ක් මෙලෙස විශේෂ පරික්ෂාවට ලක් කෙරුණා.

අදාළ පරික්ෂාවල දී කොළඹ හතරවන හරස් වීදිය හා චයිනා වීදිය ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල 250kg අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවලු පළතුරු හා ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සොයාගැණුනා.

එලෙස හමුවූ කරවල බිත්තර, එළවලු හා පළතුරු මහජන පරීක්ෂකවරුන් විසින් විනාශ කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන් ප්‍රකාශ කලේ මෙලෙස ජනතාවට කූඨ ලෙස ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ අලෙවි කළ වෙළඳසැල් හිමිකරුවන්, වෙළෙදුන් ඇතුළු 11 දෙනෙකුට නඩු පවරා ඇති අතර ඉදිරියේදීත් මෙවැනි විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *