දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 100 දශම 1 පින්නදූව සහ ඉමදූව පිවිසුම් අතර එය සිදුවූ අතර, හැකි ඉක්මනින් ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේ ඒ මොහොතේ එතන රැඳි පිරිසගේ සහයත් සමගයි..
මේ අනතුර සිදුවෙන අවස්තාවේ මිය ගිය බාල දියණිය මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ මවගේ ඇකයේ සිට ඇති අතර, වැඩිමල් දියණිය පිටුපස අසුනේ ගමන් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.. කෙසේ වෙතත්, සිදුවූ අනතුරත් සමඟ සුළු මොහොතකදී දස හැවිරිදි දැරිය මිය ගොස් ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි මවුපිය දෙදෙනා සහ වැඩිමල් දියණිය මාර්ගයේ ගමන් ගත් වාහනවල රියැදුරන් විසින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබූ බවත්, පසුව රෝහලට ඇතුළත් කරන ලද 12 හැවිරිදි දැරිය බරපතළ තත්ත්වයෙන් හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසුවා..
මියගිය දැරියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදුකළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ, හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.. එම දැරියන් දෙදෙනාගේ දේහයන් මේ වනවිට ඥාතීන් වෙත භාරදී තිබෙනවා..






















