Search

අසාද් සාලිට රජයෙන් වන්දියක්

183

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් 75,000/-ක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.

පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගය ලබා ගැනීමේදී වගඋත්තරකරුවන් ද්වේශ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි ලෙස ලබාගෙන ඇති බවත් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගය ලබාගත් ආකාරය සාධාරණීකරණය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීරණය කරමින් විනිසුරු මඩුල්ලේ එලෙස නියම කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *