ඕනම අම්මා කෙනෙක් කැමතියි තමගේ දරුවන් හොඳ පුරවැසියන් වෙනවාට..
මෙම පාසලේ අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා අඩු ආදායම්ලාභී මව්පියන්ගේ දරුවන්… මෙම මවුපියන් බොහෝ පිරිසකට අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් නොතිබුණු අතර ඇතැම්හු ‘‘උපන් තේකට” පාසල් අධ්‍යාපනයක් නොලැබුව අයයි..
මෙම පාසලේ එකොළහ ශ්‍රේණියේ දරුවන් කීපදෙනකු අවස්ථා ගණනාවකදීම මත්ද්‍රව්‍ය භාවිත කර ගුරුවරුන්ගේ අතට අසුවූ අවස්ථා බොහෝයි… ඒ සෑම අවස්ථාවකම ගුරුවරු ඔවුන්ට අවවාද දී දඬුවම් කොට මවුපියන් පාසලට ගෙන්වා තරයේ අවවාද දී යළි ඔවුන් පාසලට භාර ගැනීමට ද ක්‍රියා කළා…
මේ අතර පාසලට අලුතින් පත්වීම් ලැබ විදුහල්පතිවරයෙක් ආවා.. පාසලේ විනය තදින්ම සැලකූ ඔහු එදින පාසලේ අහුමුලුවල රහසිගත සංචාරයක යෙදෙද්දී පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ සිසුවකු මත් ගුලියක් ගිල දමනු ඔහුගේ උකුසු ඇසට හසුවුණා..
අලුත් විදුහල්පතිතුමා මත්ගුලිය ගිල දැමූ සිසුවාගේ කනෙන් අල්ලාගෙන කාර්යාලය දක්වා ඇදගෙන ආවේ දැඩි කෝපයෙන්.. සිසුවාගේ මෑණියන් පාසලට වහා කැඳවාගෙන එන ලෙසද ගුරුවරයකු යතුරුපැදියක පිටත් කර යැවීමටද අමතක නොකළා..
කාර්යාලයේ කබඩ් එකක් උඩ වේවැල් තුනක් පේළියට තබා තිබුණා..
මේ වෙලාවේ සිසුවාගේ මවද කාර්යාලයට ආවා.. විදුහල්පතිවරයා පියකු සේ දැඩි ස්වරයෙන් තම පුත්‍රයාගේ වැරැද්ද ඔහුගේ මවට පවසා දඬුවම පිළිබඳවද මෑණියන්ට දැනුම් දී මෙම වැරැද්දේ ඇති බරපතළකම ගැඹුරින් පැහැදිලි කර දුන්නා..
විදුහල්පතිතුමා සහ ගුරුවර ගුරුවරියෝ පිරිසක්ද කාර්යාලයේ සිටියා… දඬුවම් ලැබූ සිසුවාගේ මවට ඒ පිළිබඳව වගේ වගක් නැති බව ඇයගේ මුහුණෙන් ඔවුන්ට දිස්වුණා… ඔවුන් සිතා සිටියේ එම මව දරුවාට තදින්ම දෝෂාරෝපණය කරනු ඇතැයි කියායි… එහෙත් සිද්ධ වූයේ හිතාගන්න බැරි දෙයක්..
‘‘පුතේ, උඹ වගේ මෝඩයෙක් නෑනෙ… බලාපන් ඔය ගුලිය ඉස්කෝලෙට එන්න කලින් ගෙදර දීම ගිල දාලා ඉස්කෝලෙට ආවනම් ඔහොම ගුටි කන්ඩ වෙන්නෙ නෑනේ.” යැයි සිසුවාගේ මව ඇඟට පතට නොදැනී කීවේ එපමණයි..? ඒක ඇසූ
ගුරුවර ගුරුවරියෝ සියලු දෙනාම තුෂ්ණිම්භූත වී විදුහල්පතිවරයාගේ මුහුණ බැලුවේ සිදුවූ දේ සිතාගන්නට බැරුවයි..

















