BREAKING NEWS
Search

ලොව දිගම මධුසමය භුක්ති විදි අපුරු යුවල

953

ඈන් සහ මයික් හොවාඩ් යුවල තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.

ඒ දීර්ඝතම මධු සමය ගතකල යුවල ලෙස.

මෙලෙස ඔවුන් සිය මධු සමය දින 675 ක් ගත කරමින් මහද්වීප හයක රටවල් 33 ක සංචාරය කරමින් වසර දෙකකට අධික කාලයක් මධුසමය ගතකොට තිබෙනවා.

මෙම යුවල විවාහ වීමෙන් අනතුරුව රැකියා වලින් ඉවත්වී ඔවුන්ගේ නිවස බද්දට ලබාදී ඇදුම් ආම්පන්න බෑග් දෙකක දමාගෙන තමයි මේ ගමන ආරම්භකරලා තියෙන්නේ.

මෙලෙස ගමන් කිරීමට ඔවුන් හේතුන් ලෙස දක්වන්නෙ ජීවිතය යනු කෙටි කාල සීමාවක් පමණක් බව වටහාගත් නිසා එම කාලය තුල අත්දැකීම් රාශියක් ලබාගැනීමට ලොව පුරා සංචාරය කරන බවයි.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මෙම ගමන ඉතා අඩු වියදමකින් නිමකොට තිබීමයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *