BREAKING NEWS
Search

සියල්ලන් සංවේදී කරමින් අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරෙන් අක්කා, නගෝට අත් වූ ඉරණම

772
එය ඇත්තෙන්ම හද කම්පා කරන පුවතක්.. මේ සමහරවිට ඔවුන් දෙදෙනා සසරේ පතා ආව හැටි වෙන්න ඇති..

තවමත් ඔවුන්ගේ නික්මයාම මවයි පියයි නොදන්නේ ඒ දෙදෙනාද මේ මොහොතේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසායි..

පවුලම එදා අධිවේගී මග දිගේ කොළඹට ළඟා වෙන්නේ විශේෂ කාරණයක් නිසායි.. සමහරවිට ඔවුන් ඒ ගිය කාරණය අවසන් වන විට රෑ බෝවුණා වෙන්නත් පුළුවන්.. මේ මාරක අනතුර සිදුවන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදීයි.. ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් දස හැවිරිදි දැරියක මරු මුවට පත්වූ පුවත අද (12) උදෑසනම අසන්නට ලැබුණා..

එසේ මියගොස් ඇති දැරිය මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 10ක් වයසැති සෙනුදි දම්සරා නැමැත්තිය බවටද වාර්තා වුණා..

සිදු වූ අනතුරින් මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර බවද සඳහන් වුණු අතර, එසේ ඇතුළු කළ වැඩිමහල් දියණිය ද , මේ වන විට මියගොස් ඇති බවට වාර්තා වනවා..

ඇය නමින් , උබේසිංහ ආරච්චිගේ සදීෂා වන අතර, අයගේ වයස අවුරුදු 12වන බවටයි සඳහන් වන්නේ..

එසේම , මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත්, පියා විදුලි බල මණ්ඩලයේ උසස් නිළයක් දරන තැනැත්තෙක් බවත් වාර්තා වනවා..

තවද , අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන පසුව මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී , මෙම අනතුරට මුහුණ පා තිබෙනවා..

අනතුරට මුහුණ පෑ අනෙක් ලොරිය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී ,එම දිශාවටම ධාවනය වෙමින් තිබූ මෙම පිරිස රැගත් මෝටර් රථය ලොරියේ පිටුපස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *