ගොඩකවෙල – අම්මඩුව ප්‍රදේශයේදී ගසක අත්තක් වැදී පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
මෙම දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරාගිය කොස් ගසක් කපමින් සිටින අවස්ථාවේ දී ඒ මෙම දරුවා සිට ඇති අතර එහිදී එකවැරම ගසේ අත්තක් මෙම දරුවාගේ හිසෙහි වැදී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.
පොලීසිය පැවසුවේ ඊයේ (11) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 13 ක් වයසැති රංවල, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















