BREAKING NEWS
Search

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් ඊයේ එකපාරටම බිද වැටුනේ ඇයි ?

230

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසයි.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බව අදාළ සමාගම දැනුම්දෙයි.

බ්‍රිතාන්‍ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම යෙදුම් බිඳවැටීම සිදුව තිබේ.

මෙරට තුළද ඊයේ (11) රාත්‍රී 12 පමණ සිට පැය කිහිපයක කාලයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යවල බිඳවැටීම සිදුව තිබුණි.

ඉතා කඩිනමින් අදාළ යෙදවුම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ බව මෙටා සමාගම සඳහන් කළේය.

2021 වර්ෂයේ දී ද මෙවැනිම බිඳවැටීමක් සිදු වු අතර එහිදි පැය 6කට අධික කාලයක් අදාළ යෙදවුම් අක්‍රීයව පැවතුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *