මීට සතියකට පෙර දකුණු කොරියානු ජනාධිපති හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින් රැඳවුම් භාරයේ සිටි එරට හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන් හන් සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබේ.
හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වූයේ හමුදා නීතිය පැනවිය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කළැයි චෝදනා එල්ලවීමත් සමගය.
මේ අතර හමුදා නීතිය පැනවීමට අදාළ විමර්ශන පුළුල් කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඒ අනුව එරට ජාතික පොලීසියේ කොමසාරිස්වරයා සහ සෝල් අගනුවර පොලිස් ස්ථානයේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ හමුදා නීතිය පැනවීමට එරෙහිව පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගැනීමෙන් පසුවත් ඊට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව මතය.



















