පවුල් ලක්ශ ගණනකගේ බැංකු ගිණුම්වලට හෙට ලැබෙන ප්‍රතිලාභය මෙන්න

3322
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට දැනුම් දී තිබෙනවා.
රු 11,024,310,500.00 (එකොලොස් බිලියන විසි හතර මිලියන තුන්සිය දස දහස් පන්සියය) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,707,311 (දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක්) වන අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි බවයි වාර්තා වන්නේ.

සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 13 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සඳහන්.
වෙනත් පුවත්

ෆයිසර් මුස්තාපාගේ නම ගැසට් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවිය.

ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ විසින් පියවර ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *