BREAKING NEWS
Search

මිතුරාගේ පස්ස පැත්තට නරක වැඩක් කල තරුණයා අත්අඩංගුවට. මිතුරා රෝහලට

888

කුරුණෑගල බෝයවලාන නෑබඩ වතුර ප්‍රදේශයේ පිහිටි කුකුළු මස් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයකු එහි තවත් සේවකයකුගේ පිටුපස ප්‍රදේශයට වායු පීඩන යන්ත්‍රයක බටයක් මගින් අධි සුළං ධාරාවක් ඇල්ලීම නිසා එම සුළං ධාරාව ශරීරය අභ්‍යන්තරය තුළින් ගමන් කිරීමෙන් දැඩි ලෙස රෝගාතුරව සිහිසුන්ව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව බෝයවලාන පොලිසිය පවසයි.

එසේ කළේ යැයි කියන සේවකයා පොලිසිය පෙරේදා (9) අත්අඩංගුවට ගෙන ඇත.තමා එසේ කළේ විහිළුවට බට අත්අඩංගුවට ගත් සැකකාර සේවකයා පොලිසියට පවසා ඇතැයි කියති.රෝහල්ගතව ප්‍රතිකාර ලබන සේවකයා ඔහුගේ සිරුරේ තැවරි තිබූ සියුම් මස් කොටස් වායු පීඩනය යන්ත්‍රයට සවිකර ඇති වැකුම් බටයෙන් සුළං ධාරාවක් අල්ලා ඉවත් කර දෙන ලෙස සහෝදර සේවකයකුට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

සේවකයා වැකුම්බටය ගෙන විහිළුවට මෙන් අධි සුළං ධාරාවක් සහෝදර සේවකයාගේ පිටුපස ප්‍රදේශයට අල්ලා ඇතැයි විමර්ශනවලදී අනාවරණය විණැයි පොලිසිය සඳහන් කරයි.දැඩි ලෙස රෝගාතුර වූ මෙම සේවකයා මුලින්ම දඹදෙණිය රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.බෝයවලාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුරංග මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත සැකකාර සේවකයා අත්අඩංගුවට ගනු ලැබීය.

(ශ්‍රීනාත් ප්‍රසන්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *