BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කැලබු නිරුවත් ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යට මුදා හල තරුණයා අල්ලයි

249

නිරුවත් ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද 19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ (10) මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසිනි.

අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ප්‍රචාරය කිරීමක් සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *