BREAKING NEWS
Search

අණ නොතකා පලාගිය ලොරියකට පොලිසියෙන් වෙඩි

161
පොලිස් අණ නොතකා පලායමින් තිබූ ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මෙම ලොරි රථය අම්බලන්තොට සිට නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගවයින් බේරාගන්නා අවස්ථාවේ එහි තුළ අමානුෂික ලෙස රඳවා සිටි ගවයන් 07 දෙනෙකු මිය ගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ මෙම ලොරි රථය පිළිබඳව පොලිසියට ඇතිවූ සැකයක් මත අම්බලන්තොට ඔරලෝසු කණුව අසල මාර්ග බාධකයේදී නවත්වන ලෙස සංඥා කර තිබුණා.

නමුත් පොලිස් සංඥා නොතකා ලොරි රථය පලායමින් සිටියදී පොලිස් නිලධාරීන් ලොරි රථය පිටුපස හඹා ගොස් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, සැකකරුවන් ලොරි රථය යක්ගස්මුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුල්කර පලා ගිය බවයි පොලිසිය පවසන්නේ.

පසුව අදාල ලොරි රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී අමානුෂික ලෙස රදවාසිටි ඉහත ගවයන් 27දෙනා සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *