පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට පමණ විරුද්ධව නඩු පැවරීමට ඊයේ (10) පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
නාඩු , කැකුළු, හා සම්බා සහල් සදහා නියම කර තිබෙන පාලන මිල ඉක්මවා කිලෝවක් රුපියල් 10 ,15 හා 20 වශයෙන් අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බව අධිකාරිය පවසයි.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් අද (11) සිට පුළුල් කරන බවද සදහන් කරන පාරිභෝගික අධිකාරිය සහල් තොග සගවා සිටින වෙළෙඳුන් සම්බන්ධවද මෙම වැටලීම් වලදී සොයා බලන බව පැවසීය.
වෙනත් පුවත්
සිල්ලර වෙළදුන් අධික ලාභයක් ගත්තා
තමන් රතු කැකුළු සහල් කිලෝව රුපියල් 207 ගණනේ වෙළදසැල්වලට අළෙවි කළ ද බොහෝ වෙළදසල් අධික ලාබයත් තබා ගෙන එම සහල් රුපියල් 240 ට අළෙවි කළ බව බරවකුඹුකේ මධ්‍ය පරිමාන සහල් මෝල හිමිකරුවෙක් වන කේ .ඩබ්ලිවු. සමරසේකර මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ අද දහවල් බරවකුඹුකේ පිහිටි ඔහු ගේ සහල් මෝල පරීක්ෂ කිරීමට පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් හමුවේදීය.
එහිදී ඔහු වැඩි දුරටත් කිාය සිටියේ ඉතා අඩු මිල ගණන් යටතේ ලංකා සතොසට තමන් වසර ගණණාවක් තිස්සේ සහල් අළෙවි කරනවා. මේ වන විටද තමන් මෙම මාසය තුළදි රතු කැකුළු කිලෝ ලක්ෂ 08ක් පමණ ලංකා සතොසට අළෙවි කොට තිබෙනවා.
අද දින පරීක්ෂාවට ලක් කළ සහල් මෝල දෛනික වී කෙටීම පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 215 ගණනේ අළෙවි කරමින් සිටී.


















