එමෙන්ම පසුව ඔවුන් මාතර ප්‍රදේශයේ සිටින බවටයි පොලිසිය තහවුරු කරගෙන තිබෙන්නේ.
ඒ අනුව, මෙම සැකකාරියන් සොයා මාතර මාකඳුර ප්‍රදේශයේ කළ සොයා බැලීමේදී මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ ලොකු අම්මාගේ නිවසේ ඔවුන් සැඟවි සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දෙදෙනා කොළඹ, දඹුල්ල, මඩකළපුව, වැල්ලවාය, ගම්පහ තෙල්දෙණිය, මාතර, හොරණ අධිකරණවල පවතින රන්භාණ්ඩ සෝරකම් කිරීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති සැකකාරියන් බවත්, ගම්පහ පොලිස් වසමේ රන්භාණ්ඩ සොරකමකට සොයමින් සිටි දෙදෙනකු බවටත්, හදුනාගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා විසින් සොරකම් කරන ලද රන්භාණ්ඩ කොළඹ ප්‍රදේශයේ රන්භාණ්ඩ අලෙවිසැලකට අලෙවි කර තිබියදීයි පොලිසිය සොයාගෙන ඇත්තේ.
සැකකාරියන් දෙදෙනා සමග සොයාගත් රන්භාණ්ඩ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු, හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා දෙසැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි ඊයේ (09) නියෝග කර තිබෙනවා.




















