BREAKING NEWS
Search

ඩොලරයට අද සිදු වූ දේ

780

දවසින් දවස වෙනස් වෙන රුපියල ගැන දැනගන්න ගොඩක් දෙනෙක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා..

මේ කියන්න යන්නේ අද දවසේ ඒ ගැන ඇසෙන කතාවයි..

අද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණා…

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ, රුපියල් 286.02ක් ලෙසයි..

එහි විකුණුම් මිල රුපියල් 294.63ක් ලෙස සටහන්ව තිබුණා..

එමෙන්ම, බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 363.04ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 377.06ක් ලෙසත් දැක්වෙනවා..
.
තවද, යුරෝ ගැනුම් මිල ලෙස රුපියල් 300.08කුත්, විකුණුම් මිල ලෙස රුපියල් 312.65කුත් දැක්වෙනවා
වෙනත් පුවත්

විදුලි ‘මාෆියාව’ හොඳටම වැඩ

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා අද (10) පැවසීය.

විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඒ මහතා කීය.

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බව කී නන්දන උදයකුමාර මහතා ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඒ මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *