BREAKING NEWS
Search

මහනුවර ජාතික රෝහල් අයෙක් යකා නටයි

193

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක  නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු රෝහල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ.

මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඒ.ආර්. බණ්ඩාර මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පවසා සිටියේ අද (10) දහවල් 12.30 පමණ එම පුද්ගලයා යතුරුපැදියකින් රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රථ වාහන ගමන් කිරීමට අවසර නොමැති ස්ථානයකට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා ආරක්ෂක නිලධාරීන් සමග බහින්බස් වී රාජකාරියට බාධා කරමින් හැසුරනන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට පිටත්ව ගිය බවද බණ්ඩාර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට දින කිහිපයකට ඉහතදීද රෝහලේ ආරක්ෂක නිලධාරියෙකුට ත්‍රී රෝද රථ රියදුරෙකු පහරදී තිබූ අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *