BREAKING NEWS
Search

හාල් මලු ගන්න අය මේ ගැන දැනුවත් වෙන්න – සහල් මලුවලින් ගහන ජාවාරමක් අතටම හසුවෙයි

221

මහා පරිමාණ සහල් මෝලකින් අද පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලකට රැගෙන ආ සහල් මලුවල නියමිත බර නොමැති වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (09) එම සහල් මලු පරීක්ෂා කළා.

එහිදී නිරීක්ෂණය වී තිබුණේ, අදාළ සහල් මලු ඉතා සූක්ෂමව සිදුරු කර සහල් රැගෙන ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර කළ ඇණවුමක් මත මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනයකින් අද (09) පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැළකට සහල් ගෙනවිත් තිබුණා.

වෙළෙඳසැලේ සේවකයින් සහල් මලු පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ එහි නියමිත බර නොමැති බවයි.

පසුව කළ පරීක්ෂාවේදී අදාළ සහල් මලු සූක්ෂමව සිදුරු කර සහල් ඉවත් කර ඇති බව නිරීක්ෂණය වී තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *