BREAKING NEWS
Search

හොර දොස්තර කෙනෙක් ගහපු අලුත්ම විදිහේ ගේමක් මාට්ටු

1317

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට  වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන් වලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

එලෙස වංචනික ලෙස ලිපි ලේඛන සකසා කෝටි තුනකට උකස් කර තිබූ  බී එම් ඩබ්ලිව්  සහ කේ එච් ඩී වර්ගයේ වාහන දෙකක්  භාරයට ගත් බව එම ඒකකය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාමංකඩ පදිංචි 33 පුද්ගලයෙකි.

මොහු වෛද්‍යවරයෙකු ලෙස කොට්ටාව වාහන කුලියට දෙන  ආයතනයෙන් කේ එච් ඩී වාහනයක් ලබාගෙන එය මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටියකට අලෙවි කර තිබියදී සොයාගත් බවත් මුල්ලේරියාව ප්‍රදේශයේ  වාහන කුලියට දෙන  ආයතනයකින් බී එම් ඩබ්ලිව්  වාහනයක් ලබාගෙන එය පිළියන්දල ප්‍රදේශයේ ගණකාධිකාරිවරයෙකුට රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට උකස් කර තිබියදී සොයා ගත් බවත් පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *