BREAKING NEWS
Search

අහුවෙන්න එපා. වාහන ආනයනය ගැන ඇඟ සීතල වෙලා යන පුවතක්…

955
වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවර තීරණයක් නොමැති පසුබිමක, වාහන ආනයනයට ඉඩ ලැබෙන බව පවසමින් ආයතන රැසක් ලක්ෂ ගණනින් මුදල් එකතු කරන ජාවාරමක් කරන බව,ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පැවසුවේ, මෙහි පවතින අවදානම සම්බන්ධයෙන් මහ බැංකුව අවධානය යොමු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදයේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර වාහන ඇතුළු තවත් භාණ්ඩ සහ උපාංග රැසකට ආනයන සීමා පැනවීමට 2021 වසරේ එවක පැවති ආණ්ඩුව පියවර ගත්තා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනට එළැඹීමෙන් පසු ක්‍රමිකව ඇතැම් සීමා ලිහිල් කෙරුණු අතර, වාහන ආනයනයට ද ඒ ඔස්සේ ඉඩලැබෙනු ඇතැයි මත පළව තිබෙනවා.

2025 වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනයට ඉඩ දෙන බව පැවති රජය පවසා තිබුණ ද , වාහන ආනයනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

ඇතැම් සමාගම් ඉදිරියේදී වාහන ආනයනයට අවසර හිමිවන බවට ජනතාව තුළ මතයක් ගොඩනංවා, නව වාහන සඳහා රුපියල් ලක්ෂ ගණනින් අත්තිකාරම් ලබා ගනිමින් සිටින බව ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *