BREAKING NEWS
Search

යතුරුපැදිය සේදීමට ගිය තරුණයාට දිවි අහිමි වෙයි

621

යහළුවන් සමග සිය යතුරුපැදිය සේදීමට ළිඳට පැමිණි තරුණයෙකු ළිඳට වැටී දියේ ගිලි මියගොස් තිබේ.

යතුරුපැදිය සෝඳමින් සිටින විටදී බාල්දිය ළිඳ වැටී ඇති අතර එය නැවත ගැනීමට උත්සාහ කිරීමේ දී තරුණයා ළිඳට වැටී දියේ ගිලි ඇති බව අනාවරණය වී ඇත.

පොලීසිය පැවසුවේ කළුතර, පනාපිටිය ප්‍රදේශයේ දී අද (08) සවස මෙම අනතුර සිදුව ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

ඔහු ඊයේ (07) කළුතර, පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය යහළුවන් දෙදෙනෙකු සමග සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සඳහාය.

මේ සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *