පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන තැනැත්තාකෙනෙකුගේ අනුචිත හැසිරීම් පිළිබඳව පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම තැනැත්තා, සෞඛ්‍ය අංශයෙන් සේවය ලබාගන්නා තරුණ පිරිමි සේවකයන් වෙත අසෝභන සහ අනවශ්‍ය හැසිරීම් ඉදිරිපත් කරන අතර, ලිංගිකත්වයට අදාළව අසභ්‍ය ප්‍රශ්න කිරීම් සහ තවත් විකෘති ක්‍රියාකාරකම් සඳහා පෙළඹී ඇති බවයි සේවකයන් 320 දෙනකුගේ අත්සනින් යුක්ත පෙත්සමක සඳහන් වන්නේ.
මෙම පෙත්සම මඟින්, විධිමත් පරීක්ෂණයක් පවත්වා එම තැනැත්තාට අදාළ විනය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු බලධරයන්ගෙන් ඉල්ලීමක් කර තිනෙමවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳව දැඩි පියවරක් ගෙන යාමට නියමිත බව වාර්තා වෙන්නේ.
Source : gagana
වෙනත් පුවත්
කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව මඩකලපුව – කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චෙන්කලඩි – කරදියනාරු මාර්ගයේදී ස්ථානාධිපතිවරයා ගමන් ගත් ජිප් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පසුව අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා චෙන්කලඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අනතුරින් පසු ස්ථානාධිපතිවරයාද රෝහල් ගත වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.


















