BREAKING NEWS
Search

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

533

නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ගිණිකොන දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙසයි.

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර වයඹ දෙසට ගමන් කිරීමට ඉඩකඩ ඇති බැවින් සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, එම අඩු පීඩන කලාපය එළඹෙන 11 වනදා ශ්‍රි ලංකා තමිල්නාඩු වෙරලට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලගාවීමට ඉඩකඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *