අද (07) සවස 5.45ට පමණ සෙල්ලකතරගම අක්කර විස්ස වැවේ විනෝදයට ඔරු පැදීමට ගිය ළමුන් 5 දෙනෙකුගෙන් යුත් ඔරුවක් පෙරළි ගොස් තිබෙනවා.
එම අනතුරින් එක් ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචි ප්‍රමෝද් නම් 19 හැවිරිදි අයෙකි.
එමෙන්ම, මෙවර උසස් පෙළ හදාරා ඇති ළමුන් පස්දෙනෙකු මෙම ඔරුවේ ගමන් කර ඇත.
එලෙස ඔරුව පෙරළීමෙන් පසු ගම්වාසීන් විසින් වහා මැදිහත්ව ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කතරගම දිසා රෝහලේ තැන්පත් කර ඇත.
වෙනත් පුවත්
කෘෂි අමාත්‍යාංශය මහජන දිනයක් ප්‍රකාශයට පත් කරයි
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් සියලු ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වේ.
එහිදී එම අමාත්‍යාංශයට අදාල මෙතෙක් නොවිසදුනු ජනතා ගැටලු වගකිවයුතු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව සැලසෙන අතර සුදුසු විසඳුම් ඒ මොහොතේම ලබාදීමට ප්‍රමුඛත්වය දෙන බව අමාත්‍යාංශය බව අමාත්‍යංශය පවසයි.


















