BREAKING NEWS
Search

බැකෝ දාගෙන වේයන්ගොඩ දී හාරපු වල ගැන පුරාවිද්‍යාවෙන් දැන් කියන කතාව

263

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ සිදුකළ කැණීම නිධන් හෑරීමක් බවට අර්ථකථනය කිරීම වැරදි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්ඩිස් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කළ කැණීම්වලින් ඉහළ මූල්‍යමය වටිනාකමක් සහිත වස්තූන් කිසිවක් හමු වී නොමැති බවයි.

මෙම ස්ථානය දිගින් දිගටම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ ස්ථානයක් බවත් මේ හේතුවෙන් මාස 03ක් වැනි කෙටි කාලයක් තුළධිවේගී මාර්ගයට ලක්ෂ 26ක හානියක් සිදුවූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී නීතීඥ රෝහණ කාරියවසම් සඳහන් කළා.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම ස්ථානයේ හෝ ඒ අවට කිසිඳු පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බවට වාර්තාවක් ලබාදුන් බවත් ඔහු පවසා සිටියා.

ඉන්පසු පොලිසියෙක් කළ ඉල්ලීමකට අනුව විශේෂ කාර්ය බලකායෙන් එම ස්ථානය ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ බවත් යම් වර්ණ මිශ්‍රිත ලෝහයක් එම ස්ථානයේ ඇති බවට හඳුනාගෙන තිබූ බවත් රෝහන කාරියවසම් සඳහන් කළා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම ස්ථානයේ විවෘත කැණීමක් සිදුකරන ලෙස නිලධාරීන්ට නියෝග කළ බවයි ඔහු සඳහන් කළේ.

එය නිධන් හෑරීමේ අදහසින් දුන් නියෝගයක් නොවන බවත්, නමුත් මුළු රටේම ණය ගෙවන්න පුළුවන් නිධානයක් හමුවී ඇති බවට ප්‍රචාරය වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *