ඊට දැන් තවත් වටිනාකමක් එක් තිබෙන්නේ එහි සිංහ පවුලට අලුතින් එක්වුණ මේ නව සාමාජිකයින් සමගයි.
පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඩෝරා දැන් සිංහ ධේනුවක්.
එපමණක් නොව ඇය දැන් සිංහ පැටවුන් තිදෙනෙකුට මවකද වී තිබෙනවා .
එම පටවුන් තුන් දෙනාම ගැහැණු පැටවුන්.
ඩෝරා උපත ලද්දේ ද රිදීගම සෆරි උද්‍යානයේදීම වන අතර, ඇයව මව විසින් ප්‍රතික්ෂේප කිරීම සමග ඩෝරාගේ ජීවිතය බේරා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.
මේ වනවිට ඩෝරා නිරෝගිමත් පැටව් තුන්දෙනෙකු බිහිකර ඇති අතර පැටවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රිදීගම සෆාරි උද්‍යාන පාලනාධිකාරිය පවසන්නේ.
මේ අතර, ඩෝරාගේ මව වන ලාරාද තවත් සිංහ පැටවුන් තුන්දෙනෙකු බිහිකර තිබීමත් විශේෂත්වයක්.
ඒ අනුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතුව අලුත උපන් සිංහ පැටවුන් 06 දෙනෙකු සිටින අතර, ඔවුන් ඉදිරි දිනවල ජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.


















