BREAKING NEWS
Search

බිත්තර සහ කුකුළු මස් මිල ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය…

18167

එළඹෙන උත්සව සමයේ බිත්තර සහ මස් කිසිඳු අඩුවකින් තොරව ජනතාවට ලබා දිය හැකි බව සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

ජනවාරි මාසය තෙක් බිත්තර සහ කුකුල් මස්වල මිලයන්හි වෙනසක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සභාපතිවරයා පවසන්නේ උත්සව සමය තුළ කුකුළු මස් මිල ද රුපියල් 1000ට අඩුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව පවතින බවයි.

එමෙන්ම බිත්තර සහ මස් ඉදිරියේදී රටින් ගෙන්වීමට අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ කුකුල් මස් නිෂ්පාදන අතිරික්තයක් ද රට තුළ පවතින බවයි.

එමෙන්ම එළවලු මිල ඉහළ යාමත් සමඟ බිත්තර සහ කුකුල් මස් වලට විශාල ඉල්ලුමක් මේ වන විට ඇති වී තිබෙන බවද ඔහු මෙම සාකච්ඡාවට එක්වෙමින් පවසා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *