තීරු බදු නොගෙවා නීති විරෝධීව කොටස් ලෙස ගෙන්වා තිබූ නවීනපන්නයේ ටොයොටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එය ජපානයේ සිට ගෙන්වන ලද බහාළුමක් තුළ තිබියදී සොයා ගෙන තිබු අතර රුපියල් මිලියන 24ක් වටිනා එම වාහනයට අදාළව රජයට අහිමිවන බදුමුදල මිලියන 20ක් පමණ වනවා.
මේ අතර පසුගිය මාස දෙකක කාලය තුළ වාහන 200 ක පමණ අමතර කොටස් නීති විරෝධීව ගෙන්වා තිබියදී රේගු භාරයට ගැනීමට හැකි වී තිබෙනවා.
















