BREAKING NEWS
Search

අමුතු චාරිත්‍රයක් නිසා චිත්‍රපට නිළියකට දිවි අහිමි වෙයි

3326

ආධ්‍යාත්මික වැඩසටහනකට සහභාගී වූ මෙක්සිකානු කෙටි චිත්‍රපට නිළියක වන Marcela Alcazar Rodriguez ඛේදජනක ලෙස මිය ගොස් තිබෙනවා.

කම්බෝ ලෙස හඳුන්වන ඇමසෝනියානු යෝධ වඳුරු ගෙම්බාගේ විෂ ශරීරගත කිරීමෙන් ශරීරය පිරිසිදු කිරීමකුයි මෙම වැඩසටහනින් සිදු කර ඇත්තේ.

මෙයට සහභාගි වීමෙන් අනතුරුව ඇයට දරුණු වමනය යාමක් සහ පාචන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඇයව රතු කුරුස රෝහලකට රැගෙන ගොස් ඇති අතර ඉන්පසු අය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ඇමරිකාවේ සිටින මේ ගෙම්බාගේ විෂ පානය කිරීම සාම්ප්‍රදායිකව දේශීය ප්‍රජාවන් විසින් සිය ශරීර පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන නමුත් සමහර රටවල එය තහනම් කර තියෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *