BREAKING NEWS
Search

වැසිකිලි වලකින් මතු වූ 14 හැවිරිදි දැරියකගේ සිරුර – සැකකරුගේ ඇඟ සලිතවන පාපොච්ඡාරණය

619

වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිලි වළකට දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ රාත්‍රියේ වයස අවුරුදු 14ක් වන තම දියණිය දෙසැම්බර් 2වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතනයේ තොරතුරු පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බවට ප්‍රකාශ කර ඇති අතර

ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු අනුව පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිලි වළට දමා සැකකරු විසින් කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා ඇති බව හෙළි වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර ගම්පහ මහේස්ත්‍රාත්තුමා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *