සමාජ මාධ්‍ය කැලබු අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට

136

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දිගන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක තරුණයෙක්.

මෙම තරුණයා අන්තර් ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා ලක්ෂ 05 කට අධික මුදලක් ගිණුම් ගත කරවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වංචාවට හසු වූ පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් මතයි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *