මේ වෙඩි තැබීම සිදුවුණේ කොහොමද කියන එක ඇත්තටම තවමත් අබිරහසක්..
යුනයිටඩ් හෙල්ත්කෙයාර් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන්ව මිඩ්ටවුන් මැන්හැටන්හිදී ඊයේ (04) උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබෙනවා..
මිය යන විට ඔහු 50 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ..
ඊයේ දිනයේ ඔහුගේ සමාගමේ වාර්ෂික ආයෝජක සමුළුව පවත්වා ඇති අතර ඊට සහභාගී වීමට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි නිව්යෝර්ක් පොලීසිය පවසන්නේ..
වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා..
කෙසේ වෙතත් පොලිසිය සැකපල කරන්නේ මෙම ඝාතනය කලින් සැලසුම් කර සිදු කරන ලද්දක් බවයි..
එමෙන්ම ඝාතකයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහුව සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතන බවයි වාර්තා වන්නේ..

















