BREAKING NEWS
Search

අයියාගේ සහ නෑනාගේ වරදක් නිසා සමාජයට මුහුණ දීමට නොහැකිව 19 හැවිරිදි තරුණිය ගත් තීරණය

549

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිය වැඩිමහල් සොහොයුරා සහ ඔහුගේ බිරිඳ නිසා සමාජයට මුහුණ දෙන්න අපහසු වූ 19 හැවිරිදි අවිවාහක තරුණියක් පදිංචිව සිටි නිවසේ ජනේලයක ගැට ගැසූ රෙදි ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පනාගොඩ, පැළඳගොඩ පදිංචි තරුණියකි.

මිය ගිය තරුණියගේ වැඩිමහල් සොහොයුරා හා ඔහුගේ බිරිඳ මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිද්ධියක් මත බන්ධනාගාරගතව සිටින බැවින් ප්‍රදේශවාසීන්ගේ අප්‍රසාදයට ලක්වී සිටී.

මිය ගිය තරුණිය දැඩි කලකිරීමකින් ප්‍රදේශයේ ජීවත්ව සිට ඇතැයි පොලිසිය කියයි.

මෙම තත්ත්වය යටතේ පදිංචි නිවස විකුණා වෙනත් ප්‍රදේශයකට පදිංචියට යෑමට දෙමාපියන්ගෙන් ඉල්ලා තිබුණු බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙවන් තත්ත්වයක් යටතේ දිවි නසා ගැනීමට පෙර ලිපියක් ලියා තැබීමට ඇය පියවර ගෙන තිබිණි. අවසන් වරට ඇය ලියූ ලියුමේ, අම්මලාගේ කීම අහන්න තරම් මට ශක්තියක් නැහැ.

මම ජීවත් වුණා ඇති. මට වෛර කරන්න එපා. මගෙ මරණයට කවුරුවත් පළි නැහැ. මල්ලිට හොඳින් උගන්වන්න. අම්මයි තාත්තයි හොඳින් ඉන්න, යනුවෙන් සටහන් කර තිබුණු බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ පොලිස් වාර්තා සැලකිල්ලට ගනිමින් මෙය සිය දිවි නසා ගැනීමක් ලෙසට තීන්දු කරන ලදී.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පො.සැ. (51888) රාජපක්ෂ පරීක්ෂණ මෙහෙය වීය.

ඇන්ටන් ප්‍රනාන්දු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *