BREAKING NEWS
Search

දෙමෝදර බිංගෙයේ අභිරහස් මළ සිරුරක්

263

උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුල තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයකු ගේ මළසිරුරක් අද (5) සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි .

මෙම මළසිරුර දෙමෝදර සවුදම් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචිව  සිටි ක්‍රිෂ්ණ කුමාර් (28) නැමත්තා ගේ බවට ඔහුගේ මව විසින් හදුනාගත් බවද පොලිසිය කීය .

මොහු ඊයේ (4) රාත්‍රි  8.00ට පමණ නිවසින් බැහැරව ගොස් ඇති බවත්, පසුව අද  (5) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය බිංගෙය අසල වැටී තිබූ මොහුගේ මළසිරුර දුම්රිය සේවකයකු විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සොයා ගත් බව පොලිසිය සදහන් කළේය .

බිංගෙය තුල රාත්‍රි පාගමනින් ගමන් කරමින් සිටියදී මොහු එම අවස්ථාවේ ධාවනය දුම්රිය ක ගැටී මෙසේ මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි .

මොහුගේ සිරුරේ තැලිම් තුවාල තිබෙන බවත් පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී කේ යූ ඩබ්ලිව් . අබේගුණවර්ධන , පොලිස් පරික්ෂක  එච්.පී පාලිත යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *