BREAKING NEWS
Search

මත්පැන් ලෝලීන් ශෝකයට පත් කරමින් දැන් ලැබුණු ආරංචිය

57271

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු  නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු  දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව එම බලපත්‍රය අද සිට අත්හිට වෙනු ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි

මේ අතර මත්පැන් බලපත්‍රය ලබන තිස් එක වැනිදා  අවසන් වීමට නියමිත අතර එය තව දුරටත් දීර්ඝ නොකිරීමටද සුරාවට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත

වෙනත් පුවත්

ජනපති- ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ හමුවක්

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන  සියලුම ව්‍යාපෘති  ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

එසේම රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළේය.

වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට  විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක් විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *