BREAKING NEWS
Search

ළඟම වෙළෙඳසලට හෝ පාමසියට යා හැක්කේ එක් අයකුට පමණයි – යුද හමුදාපති

154

දැනට පනවා ඇති සංචරණ සීමා හෙට (25දා) දිනයේ ලිහිල් වුවද ජනතාවට සාමාන්‍ය දිනයක් සේ සලකා ගමන් බිමන් යා නොහැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඔෟෂධ මිලදී ගැනීමට නිවෙසින් එක් අයකුට පමණක් ළඟම ඇති වෙළෙඳසල වෙත යා හැකි බවත්කො රෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා “මව්බිම” ට පැවැසීය.

හෙට (25දා) දින සිදුවන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් නොවන බවත් මෙලෙස සංචරණ සීමා සිහිල් කිරීමක් සිදුකරන ලද්දේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා මෙන්ම ඔෟෂධ ලබා ගැනීමට පමණක් බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මෙදින දිවයිනේ සියලුම මත්පැන් අලෙවිසල් වසා දමා ඇති බවත් මහජනයා ඒකරාශිවීම් සඳහා කිසිදු ඉඩක් නොලැබෙන බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

කෙසේ නමුත් සංචරණ සීමා ලිහිල් වන හෙට දින අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බාධාවකින් තොරව සිය කටයුතුවල නිරත විය හැකි බවද හෙතෙම පැවැසීය.

එසේම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී රජයේ නිල ප්‍රකාශ හා නිවේදන පමණක් ලබා ගන්නා ලෙස යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙට දින අලුයම 4.00න් ලිහිල් වන සංචරණ සීමා එදින රාත්‍රි 11.00ට නැවත පනවනු ලබයි. එය ලබන සිකුරාදා (28දා) අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

චාමර අමරසූරිය

Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *