BREAKING NEWS
Search

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

5482

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සුරාබදු ආඥා පනත ප්‍රකාරව සුරා බදු ගෙවීම තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටු වීමටත්, නිෂ්පාදන බලපත්‍ර ඊළඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බවයි.

ඒ අනූව පහත සමාගම් අදාල හිහ සුරාබද්ද ගෙවා නොමැති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ වැලිසර, ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම (වයඹ ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම) සහ මීගොඩ මැකලම් බෲවරි සමාගම (දැනට ක්‍රියාත්මක නැත)

එමෙන්ම, දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලෝබ් බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීතු සමාගම (තොග වෙළඳ බල පත්‍රය) හා පයාගල සමූපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාල සමාගම් සම්බන්ධව අයිතිය තහවුරු කරගැනීමේ කටයුතු මේ වන විට අරඹා ඇත.

එම සමාගම්වලට අදාල හිග සුරා බද්ද අයකර ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර උතුරු පළාතේ වංකානෛ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයට අදාල හිඟ සුරා බද්ද ගෙවන තෙක් මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයට අදාලව මත්පැන් නිෂ්පාදන සමාගම් 23 ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

එම සෑම මත්පැන් බලපත්‍රයක් සඳහාම සුරා බද්දක් නියම කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, නියමිත දිනවලට එම බද්ද නොගෙවන ආයතන සඳහා අදාල බදු මුදල් මත 3%ක අධිහාරයක් පැනවීමට නීතිමය හැකියාව පවතින බවද නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඒ අනුව නියමිත කාලසීමාවට බදු නොගෙවු ආයතනයන්ට හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා 2024.11.30 දින තෙක් කාලය ලබා දී තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *