BREAKING NEWS
Search

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට හදිසියේම ජන ගඟක් කඩාවදී..

911

අද දින(2)  නව රජය යටතේ අස්වැසුම දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිමට සදහා නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ, සති අන්ත නිවාඩුවෙන් පසු (02) දින කාර්යාල විවෘත කිරිමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණි බවත්, අයදුම්පත් නිකුත් කිරිම සදහා ඉකුත් මස (29) දින අංක ලබා දි ඇති නමුත් එය නොතකා විශාල පිරිසක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි බවයි.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල අයදුම්පත් ලබා ගැනිමට විශාල පිරිසක් රැස්විම හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනිමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභින් දැඩි අසිරුතාවයට පත්වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *