දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 65ක් දක්වා පහළ අගයක පැවතීම හේතුවෙන් එළවළු මිළ ගණන්ද ඉහළ අගයක පවතිනවා.
කෙසේ වෙතත් වර්ෂාවත් සමග සිය නිෂ්පාදනවල පහත යාම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇති බව කෙසෙල් ගොවීන් පවසනවා.
වෙළෙඳපොළ තුළ පවතින මිල ඉහළ යෑම සැළකිල්ලට ගනිමින් ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා පනවා තිබු රුපියල් 30ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කළා.
මුදල් අමාත්‍යාංශය පැවසුවේ, එම සහනය මේ මස 31 වැනිදා දක්වා බල පැවැත්වෙන බවයි.
මේ අතර, වෙළෙඳපොළ තුළ තවමත් පාලන මිල ඉක්මවා සහල් අලෙවි වන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ නිකුත් කළ ගැසට් නිවේදන දෙකක් මත පදනම්ව වත්මන් රජය ක්‍රියා කිරීම හේතුවෙන් සහල් මිල අඩු කිරීමට රජයට නොහැකි වී ඇති බවයි.
පසුගිය මාස කිහිපයේ සිටම වෙළෙඳපොළ තුළ නාඩු සහල් හිගයක් පැවතියා.
ඊට විසඳුමක් දීම සඳහා රජය සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වුවත් එය සාර්ථක වූයේ නැහැ.
කෙසේ වෙතත්, වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිගයට සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙටි්‍රක් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.
මේ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ නිකුත් කළ ගැසට් නිවේදන දෙකක් මත පදනම්ව වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් සහල් මිල අඩු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා කියා සිටියා.
එවන් පසුබිමක වෙලදපොළේ පොල් මිලද තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතින බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ.

















