BREAKING NEWS
Search

හිටපු පෙම්වතා පට්ට හොරෙක්. ආදරේ නාමේන් එන මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා – අනූ කනූගෙන් තවත් මාධ්‍ය සාකච්ඡාවක්

1033
මේ දවස්වල ගොඩක් ජනප්‍රිය අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර  කියන්නේ අද වෙනකොට පුවත් මවන චරිත දෙකක් වෙලා…

පසුගිය දිනවල සමාජමාධ්‍යයේ සාංසරණය වුණ වීඩියෝ සහ ලසන්ත ලියනගේ නම් පුද්ගලයාගේ ප්‍රකාශයත් එක්ක අදත් මේ අක්කා නගෝ දෙන්නා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තිබුණා.. මේ එහිදි ඔවුන් දැක්වූ අදහස්..

“අපිට ලොකු අසාදරණයක් වෙලා තියෙන්නේ.. මේ ලසන්ත කියන පුද්ගලයා මගෙන් රුපියල් ලක්ෂ 64ක් අරගෙන තියනවා. ලීසිං ඇරියස් වෙච්ච වාහනයක් අපේ ගෙදර නවත්තලා ගිහින් දැන් අපි ඒක හොරකම් කරා කියනවා. අපි නැති වෙලාවක ඇවිත් එයාම ඒ වාහනේ අරන් ගිහින් බොරු පැමිණිල්ලකුත් දාලා. මගෙන් ගත්ත ලක්ශ 64න් තවම සතයක්වත් දීලා නෑ. ගත්තු සල්ලි ඉල්ලනකොට තමයි ලෝයර් කෙනෙක් ඉස්සරහ දිවුරුම් පෙත්සමක් අත්සන් කරලා ඒ වාහනේ අපේ ගෙදර තියලා ගියේ.. දැන් වාහනෙත් නෑ. අපිට් සල්ලිත් නෑ.

මෙයා අපිට විතරක් නෙවෙයි. මම වගේ ගෑනු ලමයි ගොඩකගෙන් කෝටි ගණක් සල්ලි ගරලා තියනවා. රත්තරන් බඩු උකස් කරලා සල්ලි දුන්න ගෑනු ලමයි පවා ඉන්නවා. ඒ ලමයින්ට මාද්‍ය ඉදිරියට එන්න බැ. හැබැයි මම ඒ හැමෝම වෙනුවෙන් ඉදිරියට ඇවිත් මේ මිනිහගේ බොරුව එළිකරනවා.

මෙයා පන්සල්වල හාමුදුරුවෝ පවා රවට්ටලා පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කරපු මිනිහෙක්.
අපි පොලීසිය අල්ලගෙන නෑ. අපිට කියලා විශේශ සැලකිලි නෑ. අපිත් පොලීසිවල දවස් ගාණක් රස්තියාදු වුනා.

අපි අගමැතියනියගෙන් කාන්තා ඇමතිනියගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. මේ වගේ වැඩ කරන මිනිස්සුන්ට නීතියෙන් දඬුවම් දෙන්න කියලා. තියන නීතී රීතී අලුත් කරලා හරි මේ කාන්තාවන්ට කරන අසාදාරණය නවත්තලා දෙන්න.

මම මේ රටේ හැම ගෑණු ලමයෙකුටම කියන්නේ ආදරේ නාමේන් එන මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *