BREAKING NEWS
Search

වාහන එක පෙලට ගැටුණු මහරගම අනතුර. තරුණයෙක් මරුට. සීසීටීවී දර්ශන මෙන්න

738

මහරගම පමුණුව ප්‍රදේශයේ අද (30) සිදුවූ බිහිසුණු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වන පිළියන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අදාළ තරුණයා මෙම අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල දෙස සිට පමුණුව දෙසට යමින් සිටි යතුරු පැදියක් හා නව රෝහල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෝටර් රථ දෙකක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *