BREAKING NEWS
Search

කඳවුර වෙත යමින් සිටි නාවික ලුතිතන්වරයකුට වන අලි ප්‍රහාරයක්

328

 පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.

රාජකාරී කටයුත්තක් සදහා කොළඹට පිටවගොස් බස්රථයකින් නැවත කඳවුරට පැමිණ අ‍ැති නිලධාරියා බස්රථයෙන් බැස කඳවුර වෙත ගමන්කරන අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව අ‍ැතැයි පොලිසිය පැවසීය.

එලෙස මියගොස් අ‍ැත්තේ කුරුණැගල, නිට්ටඹුව පදිංචි නාවික නිලධාරී ලුතිතන් කමාන්ඩර් ජේ.එ‍්.එම්.සි ජයකොඩි නැමති පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරිවරයෙකි.

මියගිය ලුතිතන් කමාන්ඩර්වරයා හට වන අලියා පහරදීමත් සමඟ බරපතල තුවාල ලබා ඇති අතර නාවික සෙබලුන් හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව නිලධාරියා රෝහල වෙත රැගෙන යනු ලැබීය.

බරපතළ තුවාල ලැබූ නිලධාරීවරයා  වවුනියාව මහ රෝහල වෙත අ‍ැතුලත් කිරීමේදි මියගොස් අ‍‍ැති බව පොලිසිය සඳහන් කළේය.

මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේ සිදු කිරීමට නියමිතව තිබුණි.

පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *